Monday, April 21, 2014

මත්තල ට්‍රිපය, සහ බිත්තල වලුතාව තහ පිට සටට සෙද්ද උත්තා පෙන්නීම.

ඉතිං අපේ තූති අලි බබාලත වෙත්ත සීන් එක තමා මාමෙ මේ මම තියන්න හැදුවෙ.

අනේ ඉතිං ඒ අලි බබාලගෙ ගොල්ලොං බස් එකක් අලගෙන මත්තල ගුවන් තොතුපොලේ කුනු බක්කියත හොත දාන්න හියැයි කියමුකො. ඒගොල්ලො ගියේ නිකං නෙවී, ඒගොල්ලොංගෙ බොඩිගාඩ් බබාලයි, පොලිත් බබාලයි ගොඩාක් එක්කගෙන, යන ගමන් ලාත්තන ලාත්තන තින්දු කිය කිය, තමයි ගියේ. හැබැයි කාතවත් නොකිය තමයි අලි බබාල ට්‍රිපය යන්න ලෑත්ති උනේ (නැත්තං හදිත්තියේ කුණු බක්කිය අස් කරල තිබ්බොත් මාල සීන් එකනෙ වෙන්නෙ, එතකොට මක්කයි බලන්නෙ?)

ඉතිං ඔය කුනු බක්කි සර්ච් එක එයාර් පෝට් එකෙන් පත්තෙ වලායට පැත්ත ඇදුන. අලි බබාල අනේ කුණු බක්කි වල බෑගෙන කුනු එව්වෙ. ඔන්න බොලේ තික වෙලාවකින් හෙන බබාල ගොඩාක් එතනට ආවෙ.  හම්බන්තොට ඉතිං මහින්ද මාම බබාගෙ ඈයො නෙ ඉන්නෙ. ඒක අහන්නත් දෙය්ක්කෑ. නගරාධිපති බබත් එදා ආපු අලි බබාලගෙ ආරස්සාවට තාත්ත බබෙක් වගේ ඇවිල්ල තිබුනෙ.




    මෙන්න බොලේ එකපාලතම කොහෙන්ද ඉදන් ආවනෙ බිත්තල දඩ බඩ ගාල. අනේ අල අලිබබාලගෙ ආරස්සාවත හිතපු පොලිස් බබාලට හලී සතුටුයි. එහෙන් බිත්තල එනව, මෙහෙන් බිත්තල එනව, ඒගොල්ලො හිතුවෙ ඒක අවුරුදු ජන ක්‍රීඩාවක්ය කියල අනේ. එහෙම හිතල බලාගෙන හිතියෙ.

මෙන්න බොලේ එතකොතම කොහේද ඉඳල අල අලි බබාලගෙ ආරස්සාවට ආපු නගලාදිපති බබා සෙල්ලං පිත්තෝලයක් අලගෙන සරමත් උත්තගෙන දූගෙන දූගෙන ආව. කැමරන් බබාල ඒව ටුස් ගාල පොටෝ ගහ ගත්ත. පස්සෙ ඉතිං බක්කි  ට්‍රිපය එතනින්ම නවත්තල අලි බබාල බස් එකට නැගල යන්න ගියා ආයෙ ගෙවල් වලත.

ඒ උනාට ඉතිං යන්න බයයි නෙ ගමේ මහජන බබාල ආයෙ ආවොත් බිත්තල සෙල්ලම් කරන්න කියල හිතාගෙන බස් එක නවත්තල පොලිස් බබාල යන ජීප්පුවකට අත දැම්ම, ඒ උනාත පොලිත් බබාල ජීප්පුවේ හයි කරල තිබ්බ TV එකේ චංගුමී දාගෙන බල බල ගියේ. අනික ඒවෙලාවෙ සද්දෙ 100ට වැඩි කරල තිබුනෙ. ඉතිං ඇහෙන්නෙ කොහොමෙයි අනේ. ඉතිං ඒ ගොල්ලො නවත්තන්නෙ නැතුව යන්න ගියා.


අනේ ඉතිං අල අහිංතක අලි බබාලත කියන්න කවුලුවත් නෑනේ. ඒගොල්ලො කියන දේවල් අහන්නත් කවුලුවත් නෑනෙ බබාලන්තෙ. ඒක නිතා ඒගොල්ලො ඒගොල්ලොන්ට බිත්තල වැදිච්ච තැං පෙන්නුව පිට සට වල ඉන්න කට්ටියට. ඉතිං පිට සට කට්ටිය ඇහුව කෝ කොහෙද බිත්තල වැදිල තියෙන්නෙ ඕගොල්ලොංගෙ කියල. මෙන්න බොලේ අලි බබාල ඔක්කොමල්ල පැනපු ගමන් අල සුදු පාත සරං උත්තල පෙන්නුව.

සමහර බබාලට ගහපු බිත්තල බිඳෙන්නෙ නැතුවම ඇඟට ඇලිල.  එතකොටම තමයි දැක්කෙ සමහලුන්ට බිත්තර දෙක දෙක දාපු මලු පිටින් ගහල කියල.